Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අමාත්‍යවරයෙක් ජීවිතක්ෂයට  

Add comments

යුක්‍රේනයේ කියුව් අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්‍රේනයේ කියුව් අගනුවර බ්‍රොවරි නගරයේ පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු හෙලිකොප්ටරයේ සිට ඇති බව සඳහන්.

ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයාද මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

හෙලිකොප්ටර් අනතුරින් පසුව එම කඩා වැටුණු ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඉන් කුඩා දරුවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

කෙසේවෙතත් මෙම අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

The post හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අමාත්‍යවරයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG