Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෙනගාලයේ බස් රථ අනතුරෙන් මියගිය පුද්ගලයන් ගණන ඉහළට  

Add comments

සෙනගාලයේ බස් රථ අනතුරෙන් මියගිය පුද්ගලයන් ගණන ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඉන් 40 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මධ්‍යම සේනගාලයේ ග්නිවි ගම්මානයේ සිදුවු අනතුරෙන් තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අළුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එරට දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක් බස් රථයක ටයරය ඇති වු පිපිරිමක් සමග එය අනෙක් පසෙන් පැමිණි බස් රථයක ගැටී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ. අනතුර පිළිබද තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා. සනගාලය බටහිර අප්‍රිකානු රටත් වන අතර දුර්වල මාර්ග පද්ධතිය සහ රියදුරන් මාර්ග නීති රීතිවලට ගරු නොකිරීම හේතුවෙන් වාර්ෂිකව මෙවැනි අනතුරු බහුලව සිදුවනවා.

 

 

 

The post සෙනගාලයේ බස් රථ අනතුරෙන් මියගිය පුද්ගලයන් ගණන ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG