Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට  

Add comments

බ්‍රසීල ජනාධිපති මන්දිරය,  ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය හා කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදුනු හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝගේ ආධාරකරුවන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොල්සනාරෝ ජනාධිපතිවරණයෙන් ජයගත් බවට පිළිගන්නැයි බලකරමින් ඔහුගේ ආධාරකරුවන් තුන්දහසකට වැඩි පිරිසක් දැවැන්ත විරෝධතාවක්ද සමගින් එරට රජයේ ගොඩනැගිලි අත්පත් කර ගැනීමට කටයුතු කලේ ඊයේ දිනය සිටයි. කෙසේ වෙතත් රජයේ ගොඩනැගිලි වල දේපලවලට අලාභහානි කරමින් වීදුරු කඩා බිදදමමින් එම ගොඩනැගිලිවලට ඔවුන් ඇතුළුවන ආකාරය ද ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා. බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ අදුමෙන් සැරසී බ්‍රසීල ධජ අතැතිව ඔවුන් ඊට එක්ව සිටීම ද විශේෂත්වයක්. මෙම විරෝධතා අතරතුර මාධ්‍යවේදීන් 120කට ආසන්න පිරිසකට ද බොල්සනාරෝ හිතවාදීන් පහරදී තිබෙනවා. මේ වන විට ක්‍රොංගස් ගොඩනැගිල්ලේ බලය රජයේ හමුදා යටතට පත්ව ඇති බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

The post බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG