Jan
28
දකුණු කළුතර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩපණ වී තිබෙනවා.
දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා දුම්රියක එන්ජිමකුයි මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ. දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී එන්ජිම මාරු කිරීම සඳහා ගමන්ගත් මොහොතේදී පීලි පැනීම සිදුවුණා. මේ නිසා දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්පර කිහිපයකට ද හානි සිදුවී තිබෙනවා.
The post මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා appeared first on ITN News.
Post a Comment