Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2022 වසරේදි ඊශ්‍රාලයේ උද්ධමනය 2.8% කින් ඉහළට  

Add comments

2022 වසරේදි ඊශ්‍රාලයේ උද්ධමනය සියයට දෙකයි දශම අටකින් ඉහළ ගොස් තිබෙනවා.

2022 වසරේ ඊශ්‍රාලයේ උද්ධමනය සටහන් වුයේ 5.3% ක් ලෙසයි. එය වසර 14කට පසු වාර්තා වු වැඩිම වාර්ෂික උද්ධමන අගයයි. මීට පෙර වාර්තා වු වැඩිම වාර්ෂික උද්ධමනය ලෙස 2008 වසරේ ඔක්තෝම්බර් මාසයේදි සටහන් වු 5.5%ක අගය සැලකෙනවා. එරට නිවාස,  ප්‍රවාහන  සන්නිවේදන හා ආහාර ද්‍රව්‍ය මිල 2021 වසරට සාපේක්ෂව ඉහළ යාම ඊට හේතු වී තිබෙනවා. ඊශ්‍රාල පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය වසරේදි ප්‍රවාහන හා සන්නිවේදන ගාස්තු 9.2%කින්,  නිවාස ගාස්තු 6.3%කින්,  නිවාස නඩත්තු ගාස්තු 5.7%කින් හා ආහාර මිල 4.9%කින් ඉහළ ගොස් ඇති බවයි ඊශ්‍රාල සංඝණන කාර්යාංශය නිවේදනය කරන්නේ.

 

 

 

The post 2022 වසරේදි ඊශ්‍රාලයේ උද්ධමනය 2.8% කින් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG