Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැන් ලෝකයේ ශීතලම නගරයේ උෂ්ණත්වය -50°C යි (PHOTOS)  

Add comments

සර්බියාවේ යකුට්ස්ක් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50ක් තරම් පහළ අගයක් ගෙන තිබෙනවා.

යකුට්ස්ක් නගරය ලොව ශිත අධිකම නගරය ලෙසයි සැලකෙන්නේ. එම නගරයේ උෂ්ණත්වයේ මධ්‍ය අගය සටහන් වන්නේ සෙල්සියස් අංශක සෘණ 8ක් ලෙසයි.

මෙවර ශිත සෘතුව එළඹීමත් සමඟ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහළ ගොස් තිබෙනවා.

රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝ මීටර් 5000ක් පමණ දුරින් පිහිටා ඇති යකුට්ස්ක් නගරයෙන් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශ සෘණ 64.4ක්.

ශීත කාලගුණයට ගැලපෙන පරිදි නගරවැසියන් තම ජීවන රටාව වෙනස් කර ගෙන ඇති අතර අධික ශීත කාලගුණයට අනුගත වීම හැර ඒ සමඟ සටන් කිරීමට හැකියාවක් නොමැති බවයි නගර වැසියන් පවසන්නේ.

නගරයේ මත්ස්‍ය අලෙවිසැල් ශිතකරණ භාවිතා නොකරන අතර එළිමහනේ අලෙවියට මසුන් තබා ඇති ආකාරය දක්නට ලැබෙනවා.

 

 

The post දැන් ලෝකයේ ශීතලම නගරයේ උෂ්ණත්වය -50°C යි (PHOTOS) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG