Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පේරු රාජ්‍යයේ ලීමා අගනුර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්  

Add comments

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර විරෝධතාවලින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එරට ජනාධිපති ඩීනා බොලුආර්ටේට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා. ඊයේ සිදුවූ මරණයත් සමග පසුගිය දෙසැම්බර් 8 වනදා සිට මේ දක්වා විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පේරු රාජ්‍යයේ ලීමා අගනුර වීථි පුරා විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් මේ වනවිටත් පවතිනවා. ඊයේ මියගිය 55 හැවිරිදි වික්ටර් සැන්ටිස්ටබන් හිසට ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් මියගොස් ඇති බවයි පැවසෙන්නේ. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් නොසලකමින් රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම විරෝධතා උත්සන්නවී තිබෙනවා.

 

 

 

 

The post පේරු රාජ්‍යයේ ලීමා අගනුර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG