Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින් ඉන්දියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ජීවිතක්ෂයට  

Add comments

පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින් ඉන්දියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ නබා කි‍ෂෝදාස් මහතා ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ජර්ෂු ගුඩා  දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනකට සහභාගීවීමට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාට වෙඩි තබා තිබෙනවා. ඔහුගේ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් වැදී අතර කඩිනමින් රෝහල් ගත කළ නබාදාස් මහතා ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරියා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බව හෙලි වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මියගිය ප්‍රාන්ත අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත ශෝකය ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ මෙම ක්‍රියාව වැරදි පූර්වාදර්ශයක් බවයි.

 

 

 

The post පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින් ඉන්දියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG