Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයේ බස්රථයක් පෙරළීමෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පාකිස්ථානයේ පාලමක් මතින් බස්රථයක් පෙරළී ගොස් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පකිස්තානයේ නිරිත දිග ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. පාලම මතින් බස් රථය ගමන් කිරීමේදී කණුවක වැදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා. බස් රථය පෙරළීමෙන් පසු ගිනි ගැනීමට ලක්ව ඇති අතර අනතුරට ලක්වී මියගිය පුද්ගලයින්ගේ සිරුරු හදුනාගැනීමට පවා නොහැකි වන ලෙස දැවී ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදුවන විට බස් රථයේ පුද්ගලයින් 48 දෙනෙකු ගමන් කරමින් සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව පාකිස්ථානයේ වසරකට විසිහත් දහසකට වැඩි පිරිසක් රිය අනතුරු හේතුවෙන් මිය යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

 

 

 

The post පාකිස්ථානයේ බස්රථයක් පෙරළීමෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG