Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගල්අඟුරු ආකර ව්‍යාප්ත කිරීමට එරෙහිව ජර්මනියේ පරිසර ක්‍රියාකාරීන් පොලිසිය සමඟ ගැටුමක  

Add comments

ජර්මනියේ ගල්අඟුරු ආකර ව්‍යාප්ත කිරීමට විරෝධය පළ කරමින් එරට පරිසර ක්‍රියාකාරීන් පිරිසක් පොලිසිය සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

ගාස්වෙයිලර් ගල්අගුරු පතල අසල මෙම විරෝධතාව සිදුකර තිබෙනවා. යුරෝපය මුහුණ දී ඇති බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස ගල්අගුරු නිෂ්පාදනය වැඩි කිරීමටයි ජර්මනිය පියවර ගෙන ඇත්තේ.

එමඟින් බලශක්ති අවශ්‍යතා සපයා ගැනීම සදහා කටයුතු කෙරෙන අතර පරිසර සංවිධානවලින් ඊට දැඩි විරෝධයක් පළව තිබුණා.

වෙස් මුහුණු පැළදගත් විරෝධතාකරුවන් පොලිසිය සමග දරුණු ගැටුම් ඇතිකරගෙන තිබෙනවා.

මෙම ගල් අගුරු පතල ව්‍යාප්ත කිරීම තුළින් යුරෝපයටද අහිතකර දේශගුණික බලපෑම් සිදුවනු ඇති බවට විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

ජර්මනිය ඇතුළු යුරෝපා කලාපයේ රටවල් බලශක්ති අර්බුදයට මුහුණ දෙන්නේ රුසියාව, යුක්රේනය සමඟ ඇතිකර ගත් ගැටුම් හේතුවෙන්.

The post ගල්අඟුරු ආකර ව්‍යාප්ත කිරීමට එරෙහිව ජර්මනියේ පරිසර ක්‍රියාකාරීන් පොලිසිය සමඟ ගැටුමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG