Jan
15
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසින් තවත් රහස් ලියවිලි කීපයක් හමු වී තිබෙනවා.
රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමට ආරම්භ වුණේ මීට දින කීපයකට පෙර සිටයි. පළමුවෙන් ලියවිලි තොගයක් හමුවූයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයකින්. ඉන්පසු පසුගිය සතියේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසේ ගරාජයෙන් තවත් රහස් ලියවිලි හමුවුණා. මේ වන විට නව රහස් ලියවිලි හමුවී ඇත්තේ බයිඩන්ගේ නිවස තුළින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වුවද නිවසේ සහ නිවසේ ගරාජයේ තිබී ලියවිලි හමුවීම සම්බන්ධයෙන් බයිඩන් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නැහැ.
The post ජෝ බයිඩන්ගේ නිවසින් තවත් රහස් ලියවිලි කිහිපයක් හමුවෙයි appeared first on ITN News.
Post a Comment