Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුද්ගලයින් 72ක් රැගත් ගුවන් යානයක් නේපාලයේ දී කඩාවැටෙයි  

Add comments

පුද්ගලයින් 72 දෙනෙකු රැගත් ගුවන් යානයක් නේපාලයේ දී කඩා වැටී තිබෙනවා.

මධ්‍යම නේපාලයේ පොකාරා ගුවන් තොටුපළේ දීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. මේ වන විට මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 16 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නේපාලයේ යෙටි ගුවන්සේවයට අයත් මෙම ගුවන් යානය කත්මන්ඩු නුවර සිට පොකාරා දක්වා ගමන් කරමින් සිටියා. පොකාරා ගුවන් තොටුපළේ දී ගොඩබැස්වීම සිදු කරන අතරතුරදී යානය කඩා වැටීමට ලක්ව තිබෙන්නේ. යානයේ විදේශිකයින් 10 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළුව මඟීන් 68 දෙනෙකු සිට තිබෙනවා. අනතුර හේතුවෙන් පොකාරා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post පුද්ගලයින් 72ක් රැගත් ගුවන් යානයක් නේපාලයේ දී කඩාවැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG