Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 3 ක්  

Add comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගතවූ පැය 24ට පමණක් රටවල් 228 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්නයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,138 ක්. ජපානයෙන් වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 75,000කට අධිකයි.

එමෙන්ම දකුණු කොරියාවෙන් 60,000 ක් බ්‍රසීලයෙන් 44,000 ක් හා තායිවානයෙන් 25,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයේ දී සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 274 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සඛ්‍යාව හැටහත් ලක්ෂ දහඅට දහසකට ආසන්න වනවා.

හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහය කෝටි අනූතුන් ලක්ෂ තිස්දෙදහසකට අධිකයි.

 

 

The post ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 3 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG