Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශ ජනතාව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කරයි  

Add comments

ප්‍රංශයේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් එරට ජනතාව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා.

ලබන 19 වනදා සිට මෙම විරෝධතා පැවැත්වීමටයි ඔවුන් සූදානම් වන්නේ.

2030 වසර වන විට ප්‍රංශයේ අවම විශ්‍රාම වයස අවුරුදු 62 සිට 64 දක්වා ක්‍රමානුකූලව ඉහළ නැංවීමට අග්‍රාමාත්‍ය එලිසබෙත් බෝර්න්ගේ රජය සැලසුම් කර තිබෙනවා.

මෙය නිවේදනය කිරීමත් සමඟ ඊයේ පස්වරුවේ එරට වෘත්තීය සංගම් රැස් වූ අතර දැවැන්ත උද්ඝෝෂණ හා වැඩ වර්ජන මාලාවක් සිදුකිරීමටයි ඔවුන් නියමිතව සිටින්නේ.

ඒ අනුව ලබන 19 වනදා පැවැත්වෙන වර්ජන ක්‍රියාමාර්ගය එහි ආරම්භක පියවර වන අතර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් කරමින් සිටින බවයි ප්‍රංශ වාර්තා සදහන් කළේ.

 

The post ප්‍රංශ ජනතාව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG