Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය  

Add comments

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබදව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළ විය.

දෙසැම්බර් 21 වැනිදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණද ඊට සහභාගී නොවීම පිළිබද සාධාරණ පැහැදිලි කිරීමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් කොමිෂන් සභාවේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් කර තිබූ රෙගුලාසි, ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා (05) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අවධාරණය කෙරිණි.

ආයෝජන උත්පාදනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව මෙතෙක් සිදු කර ඇති කාර්යයන් සතුටුදායක මට්ටක නොමැති බවද පැවසීය. මෙවැනි ව්‍යාපෘති හසුරුවන වෘත්තිකයන් ලෙස වඩා වගකීම් සහගතබවකින් ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී කමිටුව විසින් පැමිණ සිටි නිලධාරීන්ට පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් සිදුකරන ලියාපදිංචි කටයුතු සහ අයදුම් කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට කොමිෂන් සභාව අපේක්ෂා කරන සන්දර්භයක් තුළ නිසි මාර්ගගත (ඔන්ලයින්) වැඩපිළිවෙලක් හෝ වෙබ් අඩවියක් නොතිබුණේ මන්දැයි කාරක සභාව මෙහිදී විමසා සිටියේය. ඒ අනුව එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාව විසින් පැමිණ සිටි කොමිෂන් සභා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තවද, විගණන වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. වාර්ෂික විගණන වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීම සහතික කරන ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට නියෝග කළේය.

කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සදහන් කළේය.

 

The post පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG