Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට  

Add comments

ගාල්ල ප්‍රදේශයේ ඒ ටී එම් යන්ත්‍ර කපා මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් බල්ගේරියා ජාතිකයන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් පස් දෙනෙකු පොලසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසියේ පරිගනක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ෂණ වලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා. කොළඹ හැව්ලොක් ප්‍රදේශයේදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමවලදි එක් බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. අනෙක් බල්ගේරියා ජාතිකයා මෙරටින් පළා යාමට උත්සහ දැරිමේ දි අත්අඩංගුවට පත්ව තිබෙනවා. කටුනායක ගොවන්තොටුපලේදි ඔහු අත්අඩංගුවට පත් වු අතර එම පුද්ගලයා මෙරට කොල්ලකෑම් මාලාවක ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පැවසුවේ. අපරාධ සිදු කිරීමට යෙදා ගත් රථයේ රියදුරු පිටිගල ප්‍රදේශයේදි වාහනය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් බද්දේගම ඒ ටී එම් යන්ත්‍රයකින් රුපියල් මිලියන 5.7ක් හික්කඩුව ප්‍රදේශයේ ඒ ටි එම් යන්ත්‍රවලින් රුපියල් මිලියන 4.8ක් සහ කරාපිටිය ඒ ටි එම් යන්ත්‍රවලින් රුපියල් දෙලක්ෂ පනස්දහසක් සොරා ගනෙ තිබෙනවා.

 

 

 

The post ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG