Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රාලය පලස්තීනයට එල්ල කළ ප්‍රහාරවලින් 09 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඊශ්‍රාලය පලස්තීනයට එල්ල කළ ප්‍රහාරවලින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊශ්‍රාලය ඊයේ දිනයේදී පලස්තීනයේ හඳුනාගත් ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින්  වැඩිහිටි කාන්තාවක ඇතුළු සාමාන්‍ය වැසියන් 09 දෙනෙකු මිය ගිය බවයි පලස්තීනය පවසන්නේ.ඝාසා තීරයේ ක්‍රියාත්මක ප්‍රංශ පුවත් සේවය පවසන්නේ ඊශ්‍රාලය ගුවන් ප්‍රහාර 15 ක් සහ තවත් විශාල ප්‍රමාණයේ පිපිරීම් 4 ක් පලස්තීනය තුළ සිදු කළ බවයි.

මේ අතර පලස්තීනයෙන් ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර 02 ක් එල්ල කළ බවට චෝදනා එල්ල වන අතර මේ පිළිබඳ පලස්තීනයේ කිසිඳු සංවිධානයක් වගකීම් භාරගෙන නැහැ. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර තිබෙනවා.

 

 

The post ඊශ්‍රාලය පලස්තීනයට එල්ල කළ ප්‍රහාරවලින් 09 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG