Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හලාවත පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීමට නව ජල ව්‍යාපෘතියක්  

Add comments

හලාවත ප්‍රදේශයේ පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීම වෙනුවෙන් නව ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

හලාවත උඩප්පුව හා තිස්සෝගම යන ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල පහසුකම් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ජල ව්‍යාපෘතියට රජය වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 550 ක්.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ සදහා මූල්‍ය පහසුකම් සළසා තිබෙනවා.

නව ජල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම ප්‍ර දේශයේ ජනතාව කාලයක සිට පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අතර නව ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමත් සමඟ ඔවුන්ගේ එම ගැටලුවට පිළියම් ලැබෙන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

 

 

The post හලාවත පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීමට නව ජල ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG