Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය කෝවිඩ් මැඩලීමට සාම්ප්‍රදායික ප්‍රතිකර්ම වෙත යොමු වෙයි  

Add comments

ඖෂධ හිගය නිසා චීනය කෝවිඩ් වසංගතය මැඩලීමට සාම්ප්‍රදායික ප්‍රතිකර්ම වෙත යොමුව තිබෙනවා.

කෝවිඩ් 19 රෝගය ශීඝ්‍රයෙන් පැතිරයාම නිසා චීන ජනතාව සාම්ප්‍රදායිකව චීන වෛද්‍ය ක්‍රම අනුගමනය කිරීමට පෙළඹී තිබෙනවා.

කෝවිඩ් රෝගය පැතිරයාම ආරම්භ වීමත් සමගම චීන රජයද චීන සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකර්ම වැඩිදියුණු කිරීමට කටයුතු කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය බටහිර වෛද්‍ය ක්‍රම පමණක් කෝවිඩ් රෝගයට එරෙහිව අනුමත කළත් චීන ජනාධිපතිවරයා පවසන්නේ චීන සාම්ප්‍රදායික ආයුර්වේද ක්‍රමවලින් කෝවිඩ් රෝගය යම් තරමකින් හෝ පාලනය කළ හැකි බවයි.

පසුගිය වසරේත් චීන රජය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලින් සෑදූ ඖෂධ කරල් සහ සිරප් වර්ග ජනතාවට ලබාදීමට කටයුතු කළා.

 

 

The post චීනය කෝවිඩ් මැඩලීමට සාම්ප්‍රදායික ප්‍රතිකර්ම වෙත යොමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG