Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුමන්ත්‍රණයෙන් මියන්මාරයේ රාජ්‍ය බලය එරට හමුදාව අත්පත් කරගෙන අදට වසර දෙකක්  

Add comments

කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ රාජ්‍ය බලය එරට හමුදාව අත්පත් කරගෙන අදට වසර දෙකක් සපිරෙනවා.

2021 වසරේ පෙබරවාරි පළමුවන දින මියන්මාර හමුදාව කුමන්ත්‍රණයක් මගින් බලයේ රැදී සිටි ප්‍රජාතන්ත්‍රවාදී රජය ඉවත්කර පාලන බලය අත්පත් කර ගත්තා.

එහිදී එරට නායිකාව ලෙස කටයුතු කළ අවුන් සාන් සූ චී ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක් අත්අඩංගුවට ගැනීමටයි මියන්මාර හමුදාව කටයුතු කළේ.

2021 වසරේ පෙබරවාරි පළමුවන දින සිට මේ දක්වා මියන්මාර හමුදා පාලනයට විරෝධය පළකරමින් රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

හමුදාව සහ උද්ඝෝෂකයින් අතර හටගත් ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් 3,000ට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති පිරිස 18,000ට ආසන්නයි.

 

 

The post කුමන්ත්‍රණයෙන් මියන්මාරයේ රාජ්‍ය බලය එරට හමුදාව අත්පත් කරගෙන අදට වසර දෙකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG