Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධීව ජංගම දුරකතන ආනයනය වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග  

Add comments

නීති විරෝධී අයුරින් සිදු කෙරෙන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

හොර රහසේ ජංගම දුරකතන මෙරටට රැගෙන ඒමෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවයි ජංගම දුරකතන ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

නීත්‍යානුකූල ආකාරයට ආනයනය කෙරෙන සියලු ජංගම දුරකතනවල IMEI අංකය විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරෙනවා.

දුරකතන අස්ථානගතවීම් හෝ නීති විරෝධී ක්‍රියාවලදී දුරකතන හඳුනාගැනීම සිදු වන්නේ මෙම අංකය භාවිතයෙනුයි.

එහෙත් නීති විරෝධීව ආනයනය කරන දුරකතන ලියාපදිංචි කිරීමක් සිදු වන්නේ නැහැ.

එමෙන්ම නීත්‍යානුකූලව ආනයනය කෙරෙන සියලු ජංගම දුරකතන සෞඛ්‍යාරක්ෂිත බවට තහවුරු කිරීමක් සිදු කෙරෙනවා.

ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන ඒම පාලනය කිරීම සඳහා නීති දැඩිකරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා රේගුවට උපදෙස් දුන්නා.

එමෙන්ම ලබන සදුඳා වන විට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නා.

 

The post නීති විරෝධීව ජංගම දුරකතන ආනයනය වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG