ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 170 ඉක්මවා තිබෙනවා.
වසර 15කට පමණ පසු ඇෆ්ගනිස්ථානයට බලපෑ ශීත අධිකම කාලගුණය මෙය බවයි එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ.
එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 34 ක් තරම් පහත අගයක් ගෙන තිබෙනවා.
අධික ශීත කාලගුණයත් සමග ගවයින් බැටලුවන් ඇතුළු සතුන්ද 80,000 ක් පමණ මිය ගොස් ඇති බව සඳහන්.
ඇෆ්ගනිස්ථානය මුහුණදී සිටින මානුෂීය අර්බුදය හමුවේ ශීත කාලගුණයේ බලපෑම හරහා ඇෆ්ගනිස්ථානය තවදුරටත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇද දමා තිබෙනවා.
තලෙයිබාන් සංවිධානයේ නව නීති හමුවේ රාජ්‍ය නොවන සංවිධාන රැසක් තම ක්‍රියාකාරකම් අත්හිටුවීම ද මානුෂීය අර්බුදය දරුණුවීමට තවත් හේතුවක් වනවා.
The post ඇෆ්ගනිස්ථානයේ අධික ශීතලෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 170 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment