Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jan 26

හිම කුණාටු හේතුවෙන් ක්‍රොඒෂියාවට දැඩි බලපෑම්  

Add comments

ක්‍රොඒෂියාවට හිම කුණාටු හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

අධික හිම පතනය හේතුවෙන් එරට මාර්ග හා පාලම් රැසක් වසා දැමීමට සිදුව තිබෙනවා. අධිවේගී මාර්ග රැසක ධාවන කටයුතු ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

අධික සුළං සහ කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමට ද එරට කාලගුණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඊයේ දිනය තුළදී මධ්‍යම ක්‍රොඒෂියාවේ ඇතැම් ස්ථානවලට සෙන්ටිමීටර් 25 ඉක්මවූ හිම පතනයක් ලැබී ඇති බවද සදහන්.

පසුගිය සතියේ සිට ක්‍රොඒෂියා, ස්ලෝවේනියා, බොස්නියා හා ඔස්ට්‍රියාවේ ප්‍රදේශ රැසකට අධික හිමපතනයෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

 

 

 

 

The post හිම කුණාටු හේතුවෙන් ක්‍රොඒෂියාවට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG