Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැරී කුමරු රචිත ස්පෙයාර් ග්‍රන්ථය ලෝක වාර්තාවක් පිහිටුවයි  

Add comments

ලෝකයේ විශේෂ කතාබහකට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු රචිත ස්පෙයාර් ග්‍රන්ථය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට මෙය පත්ව ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව  සහ කැනඩාව යන රටවල ස්පෙයාර් ග්‍රන්ථය අලෙවිය ආරම්භ කළ පළමු දින තුළ පමණක් මිලියන 1.43ක පිටපත් ප්‍රමාණයක් අලෙවි වී ඇති බව සඳහන්. මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා විසින් 2020 වර්ෂයේදී ප්‍රකාශයට පත්කළ අ ප්‍රොමිස්ඩ් ලෑන්ඩ් (A Promised Land ) කෘතියටයි. හැරි කුමරුගේ ස්පෙයාර් ග්‍රන්ථය තුළ ආන්දෝලනාත්මක සිද්ධි රැසක් ඇතුළත්ව තිබීමත් සමඟ ජාත්‍යන්තරයේ සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් හැරී කුමරු පසුව ප්‍රකාශ කර තිබුණේ මෙම ග්‍රන්ථය හේතුවෙන් තමන්ටත් තම පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බවයි. මේ වනවිටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

The post හැරී කුමරු රචිත ස්පෙයාර් ග්‍රන්ථය ලෝක වාර්තාවක් පිහිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG