Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්  

Add comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවලට ජල ගැලීම් සහ අධික හිම පතනය හේතුවෙන් මෙලෙස හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් ප්‍රදේශවල හිම පතනය අඩි 6 ක් බවත් වාර්තා වනවා. මේ වන විට අයහපත් කාලගුණය හේතුවෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන් ම පළාත් රැසක නිවාස සිය ගණනක් මුළුමනින්ම ජලයෙන් යට වී ඇති බව ද වාර්තා වනවා. අයහපත් කාළගුණය හේතුවෙන් කැලිෆෝනියාවේ මිලියන 26ක් පීඩාවට පත්ව සිටිනවා.

 

 

 

The post ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG