Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු දිග චීනයේ මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට  

Add comments

උතුරු දිග චීනයේ මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.

උතුරු දිග චීනයේ හෙලෝන්ජින් ප්‍රාන්තයේ මෝහේ නගරය පිහිටා ඇත්තේ රුසියානු දේශසීමාව ආසන්නයේයි. මෝහේ නගරයේ උෂ්ණත්වය අද වාර්තා වූයේ සෙල්සියස් අංශක සෘණ පනස් තුනක් ලෙසයි. මීට පෙර 1969 වසරේ එම නගරයෙන් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සටහන් වූ අතර එය සෙල්සියස් අංශක සෘණ පනස් දෙකයි දශම තුනක් ලෙස දැක්වෙනවා. කෙසේ වුවද චීනයේ වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක සෘණ පනස් අටක් ලෙසයි. ඒ 2009 වසරේ දෙසැම්බර් මාසයේ දී මොන්ගෝලියාවෙන්. මෝහේ නගරයට මාස අටක පමණ කාලයක් ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වන අතර එහි පහස විදීමට සංචාරකයින් දහස් ගණනක් එම කාලය තුලදී නගරයට පැමිණෙනවා.

 

 

The post උතුරු දිග චීනයේ මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG