Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී  

Add comments

මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. චීනය සමඟද යළි සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපතිතුමා පවසන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කතෘ වරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේබව කියා සිටියා. මෙම හමුව පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදීයි.මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබුණා. ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ පුවත්පත් හා විද්‍යූත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාවේ නීති පැවතුනත් සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් නොමැති බවයි. මේ නිසා සිංගප්පුරුවේ දැනට භාවිතා කරන විදුලි සන්දේශ හා සමාජ පනත තමා ගෙන්වාගෙන එය අධ්‍යයනය කරන බවත් එය ශ්‍රි ලංකාවට ගැලපෙන ආකාරයෙන් සකස් කොට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිතුමා  ප්‍රකාශ කර සිටියා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා පවතින පරස්පර මත පළමුවෙන්ම විසඳාගත යුතු බවයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් , බලය බෙදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ලබන අගහරුවාදා සිට සාකච්ඡා ආරම්භ කරන බවත් ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට පෙන්වා දුන්නා.

 

The post මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG