Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jan 30

ජෝ බයිඩන් යුක්රේනයට එෆ් 16 ප්‍රහාරක යානා යැවීම ප්‍රතික්ෂේප කරයි  

Add comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට එෆ් 16 ප්‍රහාරක යානා යැවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ලෝක ප්‍රජාවගෙන් යුද ආධාර ඉල්ලා සිටියේ පසුගිය සතියේයි. ඒ යටතේ බොහෝ රටවල් රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය සදහා සහාය ලබාදීමට කැමැත්ත පළකර තිබෙනවා. ඇමෙරිකාව ද අවි ආයුධ හා ආධාර මගින් යුක්රේනයට සහායවීමට කැමැත්ත පළකළා. කෙසේ වෙතත් මාධ්‍යවේදියෙකු ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නකර සිටියේ එෆ් 16 ප්‍රහාරක යානා යුක්රේනයට ලබාදෙන්නේද යන්නයි. ජෝ බයිඩන් ජනාධිපතිවරයා නැත යනුවෙන් පිළිතුරු ලබාදී තිබෙනවා. එෆ් 16 ප්‍රහාරක යානා යනු ලොව වඩාත්ම විශ්වාසදායක සහ බිහිසුනු ප්‍රහාරක යානාවක්. දැනට පාකිස්තානය හා බෙල්ජියම ද මෙම යානා බහුලව භාවිතයට ගනු ලබනවා. කෙසේ වෙතත් ඇමෙරිකාව යුක්රේනයට යුද ටැංකි 31 ලබාදීමට නියමිතයි.

 

 

 

 

The post ජෝ බයිඩන් යුක්රේනයට එෆ් 16 ප්‍රහාරක යානා යැවීම ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG