Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාතර ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙයි  

Add comments

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන මගින් මාතර දිස්ත්‍රික්කය තුළ භූමියේ නීත්‍යානුකූල උරුමය අහිමිවූ පවුල් දහස් ගණනක් වෙත සිය අයිතීන් ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉඩම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ගමින් ගමට ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු දීම වෙනුවෙන් ඊයේ (29) කඹුරුපිටිය උපාලි විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වු උත්සවයට සහභාගී වෙමිණි.

මාතර දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රතිලාභීන් 171 දෙනෙකුට ඉඩම් ඔප්පු පිළිගැන්විණි. මෙහිදී අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන්ට ප්‍රමුඛත්වය දෙන ලදී.

“ශ්‍රී ලාංකිකයෙක් වීමේ ප්‍රධාන ලියවිල්ල ලෙස පිළිගැන්වෙන්නේ උප්පැන්න සහතිකය. ඒවගේම තමන් පුරවැසියෙක්‍ යැයි පවසන රාජ්‍යයේ අයිති මනින පළමු කාරණය වන්නේ නීත්‍යානුකූලව ලැබෙන උරුමයයි” යැයි අමාත්‍යවරයා කීවේය. ඉඩම් ආරවුල් රටේ මනුෂ්‍ය ඝාතනවලට ප්‍රධානතම හේතුවක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් රටේ නීති පද්ධතිය යටතේ ඉඩම් නඩුවක් විසඳීමට ඉතා දීර්ඝ කාලයක් ගතවීම නිසා ඇතිවන නොසන්සුන් තත්ත්වය ඊට බලපාන බවත් අමාත්‍යවරයා පැවසුවේය. එයට විසඳුම් ලෙස නඩු කඩිනම් කිරීමට වර්තමාන අධිකරණ අමාත්‍යවරයා ඉතා කඩිනමින් පියවර ගනිමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත් කියා සිටි ඩලස් අලහප්පෙරුම මහතා තවත් විසඳුමක් ලෙස නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බවත් කී‍ය.

“මෑත කාලයේ පිරිසිදු පානීය ජලය අහිමිව සිටි කඹුරුපිටියේ පවුල් 2372 කට පානීය ජලය දුන්නා. වර්තමානයේ අප ගතකරමින් සිටින්නේ අභියෝගාත්මක කාල පරිචේදයක්. ඉන්ධන මිල වැනි ජනතාවට බලපා තිබෙන යම් යම් කලීන කාරණා සම්බන්ධයෙන් වේදනාවක් තිබෙනවා. අපි මෙම කාරණා දෙස ඉතා සංවේදීව බලනවා. සහන ලබාදීමට හැකි පළමු අවස්ථාවේදීම ඒවා ලබාදීමට අවදියෙන් සිටිනවා. දේශපාලකයින් ලෙස අපි අවංකවම ඒ සඳහා කැපවිය යුතුයි. ආදර්ශමත් විය යුතුයි. එමෙන්ම ආයතන ප්‍රධානීන් ද එසේ පරමාදර්ශී විය යුතුයි. එසේ අදර්ශමත් වීමෙන් අනතුරුවයි අපි ජනතාවගෙන් ඉල්ලීම් කළයුත්තේ. එසේ නොමැති වුවහොත් ජනතාවට ඇතිවන්නේ වේදනාවක් සහ කෝපයක් පමණයි. අද මහපොළවේ උරුමය පුරවැසියෙකු ලෙස ඔබට ලැබූ දිනයේ ඔබටත් ඔබේ ආදරණීය දුවා දරුවන්ටත් මුනුබුරු මිනිබිරියන්ටත් ගෞරවනීය ශ්‍රීලාංකිකයන් ලෙස ජීවත් වීමට වාසනාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුණ රනවක, ඉඩම් අමාත්‍යාශ ලේකම් ආර්. ඒ. ඒ. රණවක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

The post මාතර ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG