Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් ගාස්තු සංශෝධනය පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද  

Add comments

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

පසුගිය විසි එක් වනදා ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව බස් ගාස්තු ද වැඩි කරන ලෙසටයි බස් සංගම් ඉල්ලීම් කළේ. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් පසු ගිය බදාදා පැවැත්වුණා. ඩීසල් මිල ඉහළ යෑම,  අමතර කොටස්වල මිල වැඩිවීම ඇතුලු නිර්ණායක 12 ක් පිළිබද සැලකිලිමත් වන ලෙසයි බස් සංගම් නියෝජිතයන් එහිදී ඉල්ලා සිටියේ. බස් ගාස්තු සංශෝධනය විය යුතු ආකාරය ගණනය කරන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසන් සභාවට දැනුම් දුන්නා. එමෙන්ම මේ සම්බන්ධයෙන් බස් සංගම්වල යෝජනා ද ඉදිරිපත් කරන ලෙසට ඉල්ලීමක් කෙරුණා. ඒ අනුව අද දිනයේ නව බස් ගාස්තු ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් තීරණාත්මක සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙනවා.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය නතර කිරීමට ඊයේ පස්වරුවේ තීරණය කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවේ දී ඔවුන්ගේ ඉල්ලීම්වලින් 10 කට සාධනීය පිළිතුරු ලබාදීමට එකගවීමත් සමග මෙසේ වර්ජනය අවසන් කෙරුණා. වර්ජනය හේතුවෙන් දින පහක් ඔවුන් දුම්රිය ප්‍ර වේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැලකී සිටියා. අද දිනයේ සුපුරුදු පරිදි ප්‍ර වේශ පත්‍ර නිකුත් කළා.

 

 

 

The post බස් ගාස්තු සංශෝධනය පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG