Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IMF එකට යට වෙන්නේ නෑ. අධිපති කබ්රාල් දැඩි තීරණයක  

Add comments

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සම්බන්ධවීමට කිසිදු තීරණයක් ගෙන නැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට රජය එකගතාවන් පළ කොට මුල්‍ය අරමුදල සමග සම්බන්ධ වන බවට පැතිර යන ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය වන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණයෙන්ම ප්‍රකාශ කරනවා. රටේ පවතින මුල්‍ය අර්බුදය විසදීමට මේ වනවිටත් සැලසුම් සහගත පියවර ගෙන ඇතැයි අධිපතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සමග අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍ර යේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට රට යටත් වුවහොත් ආර්ථිකයට පමණක් නොව ජන ජීවිතයට ද දැඩි ලෙස බලපාන ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වන බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරනවා. පසුගිය ආණ්ඩු සමයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතාවන් නිසා රට ප්‍රශ්න රැසකට මුහුණ දුන් බවද කබ්රාල් මහතා කියා සිටිනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකගවී රට ආර්ථිකමය සහ සාමාජීමය වශයෙන් අනතුරක හෙළීමට ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් කිසිදු අවශ්‍යතාවක් නැතැයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැහැදිලි කර සිටියා. එමෙන්ම ලබන වසරේ මුල් මාස හතර ඇතුළත රටේ ආර්ථිකය ශක්තිමත් කර ඩොලර් සංචිතය ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට ද මේ වනවිටත් සැලසුම් සකස් කොට තිබෙනවා.

2021 වසර තුළදීම ඇතැම් අය ප්‍රකාශ කළේ නිශ්චිත ණය ගෙවීමට ආණ්ඩුවට නොහැකි වන බවයි. ඒත් මේ වනවිටත් ජාත්‍යන්තරව ගෙවීමට ඇති ණය ගෙවා අවසන් බවත් ලබන වසරේ දී ද එම ණය මුදල් නියමිත වෙලාවටම ගෙවීමට අවශ්‍ය මුදල් මහ බැංකුව සතු බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණයෙන්ම ප්‍රකාශ කොට සිටිනවා.

ලබන වසර තුළ රටේ ආදායම් තත්ත්වය යහපත් අතට පත් කර ගැනීමට අවශ්‍ය මුල්‍යමය සැලසුම් සකස් කොට ඇති බවත් සෞභාග්‍ය යේ දැක්ම වැඩපිළිවෙළ තුළින් රට මුල්‍යමය වශයෙන් ස්ථාවර කිරීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් හමුවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කර සිටියා.

 

 

The post IMF එකට යට වෙන්නේ නෑ. අධිපති කබ්රාල් දැඩි තීරණයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG