Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙස්මන් ටුටු පියතුමා ස්වර්ගස්ත වෙයි  

Add comments

දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය අවසන් කරමින් සාමය උදා කිරීම සදහා යුග කාරක මෙහෙයක් ඉටු කළ ලෝක ප්‍රසිද්ධ ඩෙස්මන් ටුටු පියතුමා ස්වර්ගස්ත වුණා.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ ඩෙස්මන් ටුටු පියතුමා ස්වර්ගස්ත වන විට 90 හැවිරිදි වියේ පසුවුණා.

1931 වසරේ ඔක්තෝම්බර් මස 07 වනදා උපත ලැබූ ඩෙස්මන් ටුටු පියතුමා දකුණු අප්‍රිකානු ඇන්ග්ලිකානු සභාවට අයත් පූජකවරයෙක්. එතුමා ඇන්ග්ලිකානු සභාවේ අගරදගුරු පදවියද හෙබවූවා. දේව ධර්මය පිළිබද විශිෂ්ට ඥානයකින් යුක්ත වූ ඩෙස්මන් ටුටු පියතුමා වර්ණභේදය වාදය පැවති අවධියේ දී ක්‍රියාකාරි මෙහෙයක් ඉටු කරමින් මානව හිමිකම් වෙනුවෙන් දැවැන්ත පෙනී සිටිමක් සිදු කළා.

එතුමාගේ අභාවය සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරන දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝෂා සදහන් කරන්නේ අති විශිෂ්ට දකුණු අප්‍රිකානුවෙකු සිය දිවි සැරිය නිම කළ බවයි. නිදහස් දකුණු අප්‍රිකාවක් බිහි කිරීම සදහා එතුමාගෙන් වූ මෙහෙය අති විශිෂ්ට බවද දකුණු අප්‍රිකා ජනාධිපතිවරයාගේ නිවේදනයේ දැක්වෙනවා. කළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෙල්සන් මැන්ඩලා කළ සටනට ඩෙස්මන් ටුටු පියතුමාගෙන්ද  ලැබුණේ විශාල සවියක්. 1984 වසරේ දී එතුමා ඉටු කළ සේවය අගයා නොබෙල් සාම ත්‍යාගය පිරි නැමීමට කටයුතු කෙරුණා. පුරස්ථි ග්‍රන්ථි පිලිකාවක් ආසාදනය වීමෙන් කලක් ටුටු පියතුමා පීඩා විද තිබෙනවා.

 

The post ඩෙස්මන් ටුටු පියතුමා ස්වර්ගස්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG