Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි හා කර්ණාටක ප්‍රාන්තවලට යළිත් වරක් රාත‍්‍රී කාලයේ ඇඳිරි නීතිය  

Add comments

ඔමික්‍රෝන් ප්‍රභේදය ඉන්දියාව තුළ ශීඝ්‍ර යෙන් ව්‍යාප්තවීමත් සමග යළිත් වරක් රාත්‍රි කාලයේ දී දිල්ලි හා කර්ණාටක ප්‍රාන්තවලට ඇදිරි නීතිය පනවන්න බලධාරීන් තීරණය කරයි.

නව වසරේ උදාවට සමගාමීව සංවිධානය කෙරෙන උත්සව, ප්‍රිය සම්භාෂණ වගේම අනවශ්‍ය ඒකරාශිවීම් වැලැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බවයි ප්‍රාන්ත බලධාරීන් සදහන් කරන්නේ.

ඒ අනුව අද රාත්‍රි 11 සිට අළුයම 5 දක්වා දිල්ලි නගරයට ඇදිරි නීතිය පැනවෙනු ඇති. එමෙන්ම හෙට රාත්‍රි 10 සිට උදෑසන 5 දක්වා දින 10 ක කාලයක් පුරාවට කර්ණාටක ප්‍රාන්තයට ද ඇදිරි නීතිය පැනවීමට නියමිතයි. ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින්ම දෛනිකව හමුවන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර යෙන් ඉහළ යාම පාලනය කිරීම ඇදිරි නීතිය පැනවීමේ අරමුණයි. පසුගිය දින කිහිපය තුළදී පමණක් එරටින් දෛනික ආසාදිතයින් වාර්තා වීම සියයට දාසයකින් පමණ ඉහළ ගොස් ඇති බවද සදහන්.

දිල්ලි නගරයේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවිසල් උදෑසන 10 සිට රාත්‍රි 8 දක්වා පමණක් විවෘත කර තබන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා. ආපනශාලා තුළට ඇතුල් කර ගත හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට පනහක් පමණයි. දැනට විවෘතව පවතින සිනමාශාලා,සම්මන්ත්‍රණ ශාලා, කාය වර්ධන මධ්‍යස්ථාන,සම්බාහන මධ්‍යස්ථාන, ක්‍රීඩාගාර,පිහිනුම් තටාක  හා විනෝද උද්‍යාන වසා දැමීමට ද නියෝග කර තිබෙනවා.

 

The post දිල්ලි හා කර්ණාටක ප්‍රාන්තවලට යළිත් වරක් රාත‍්‍රී කාලයේ ඇඳිරි නීතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG