Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලාංකීය රූපවාහිනියේ ඩිජිටල් පෙළහරට සියල්ල සූදානම්  

Add comments

මෙරට රූපවාහිනී ඉතිහාසයේ නව කඩඉමක් සනිටුහන් කරමින් රූපවාහිනී විකාශන ඩිජිටල්කරණය අද ආරම්භ වනවා. සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට මෙමගින් අවස්ථාව හිමිවනවා.

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 7ට කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් ඩිජිටල්කරණය සදහා අවශ්‍ය සියලු කටයුතු සපුරමින් සිටිනවා.

රූපවාහිනී විකාශනය ප්‍රතිසම හෙවත් ඇනලොග් ක්‍රමවේදයේ සිට අංකිත හෙවත් ඩිජිටල් ක්‍රමවේදය දක්වා ගෝලීය වශයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ අනුව ඇනලොග් විකාශන ක්‍රමය ක්‍රමයෙන් අඩුවී එම තාක්ෂණය ක්‍රමයෙන් යල්පිනූ තත්ත්වයටයි පත්ව තිබෙන්නේ. මෙම තත්ත්වය යටතේ ඇනලොග් විකාශන පද්ධතිය නඩත්තු කිරීම හා ඉහළ යන අතිරේක රූපවාහිනී සංඛ්‍යාත අවශ්‍යතාව සපුරාලීමේ අභියෝගයට රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කදිම පිළිතුරක් වනු නොඅනුමානයි. මුල්‍යමය සහ තාක්ෂණික ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් රජය විකාශකයින් සහ ප්‍රේක්ෂකයින් යන සියලු පාර්ශ්ව සදහා ප්‍රතිලාභ හිමිවනු ඇති. ශ්‍රී ලංකාවට රූපවාහිනි හදුන්වාදුන් 1979 වසරේ ස්වාධීන රූපවාහිනිය ආරම්භයේ සිට ඇනලොග් තාක්ෂණය ඔස්සේ රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින් වෙත උදාකර දී තිබෙනවා. කෙසේ වෙතත් ලොව ඩිජිටල් තාක්ෂණය ආරම්භ කළේ 2000 වසරේදීයි. යුරෝපා – ජපන් සහ ඇමෙරිකා තාක්ෂණය ලොවපුරා රටවල් විශාල සංඛ්‍යාවක ඩිජිටල් විකාශන සදහා භාවිත කරනවා. ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් පළමු කතාබහ ඇතිවන්නේ 2005 වසරේදීයි. ඒ එවකට ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලයි. 2009 වසරේදී ඒ සදහා පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන්නේ යුරෝපා තාක්ෂණය ලබා ගැනීම සදහායි. 2010 වසරේදී යළිත් වරක් යුරෝපා තාක්ෂණයේ දියුණු තත්ත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා ආරම්භ වනවා. 2013 දී පුළුල් විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකාවට ජපාන තාක්ෂණය ලබා ගත යුතු බවට තීරණය කර 2014 වසරේදී ඒ සදහා ගිවිසුම්ගත වනවා. නෙළුම් කුළුණ ඉදිකිරීමේ කටයුතු ආරම්භ වන්නේද මෙම බහු සම්ප්‍රේෂණ කාර්යය සාර්ථක කර ගැනීම සදහායි. ඩිජිටල්කරණය හරහා ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රුවන් සත්කුමාර සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ප්‍රසංග රාජපක්ෂ යන මහත්වරුන් ස්වාධීන රූපවාහිනි පිනි වියන වැඩසටහනේදී මෙලෙස අදහස් පළකළා.

The post ශ්‍රී ලාංකීය රූපවාහිනියේ ඩිජිටල් පෙළහරට සියල්ල සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG