Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ඉවතට  

Add comments

බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිංහ මහතා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අසිත නලින්ද රංගේ මහතා වැඩබලන නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඌව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මංගල විජේනායක මහතා සදහන් කළේ.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ නියෝගයකට අනුව ප්‍රියන්ත අමරසිරි මහතා  නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා. ආණ්ඩුකාරවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් වන්නේ 2022 වසරේ අයවැය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නගරාධිපතිවරයා 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතේ හත්වෙනි වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.  මහනගර සභා ආඥා පනතට අනුව ඉදිරි සති දෙකක කාලය තුලදී ඡන්ද විමසීමක් පවත්වා නව නගරාධිපතිවරයෙකු පත්කර ගැනීම සිදුකරන බවද පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියා. ප්‍

රියන්ත අමරසිරි මහතාගේ නගරාධිපතිධුරය යටතේ මහනගර සභා අයවැය පිටපිටම තෙවරක් පැරදී තිබූ අතර අයවැය සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඡන්ද විමසීමක් සිදු නොකර නගරාධිපතිවරයා සභාගැබෙන් ඉවත්ව ගොස් තිබුණා.

බදුල්ල මහනගර සභාව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් 9 දෙනෙකු,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 08 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 5 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් 03 දෙනෙකුගෙන් සමන්විතයි.

 

The post බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ඉවතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG