Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අදත් කෝච්චියට ටිකට් නෑ – හෙට තීරණයක් වන ලකුණු  

Add comments

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය නතර කිරීමට තීරණය කර තිබෙනාව.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග හෙට පැවැත්වෙන  සාකච්ඡාවේ දී තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි එම සංගමය සදහන් කරන්නේ.

සිය වෘත්තියට අදාළ උසස්වීම් හා බදවාගැනීම් සිදුනොකිරීම,  නියමිත පරිදි දුම්රිය ධාවනය නොකිරීම,  සංඥා ක්‍රම පිළිබද ගැටලු ඇතුළු ඉල්ලීම් 25 ක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම මෙන්ම පාර්සල් භාර නොගැනීමට ද ඔවුන් කටයුතු කළා.

මෙතෙක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබුණා. හෙට දිනයේ දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සමග සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව වෘත්තිය සමිති පවසනවා.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ප්‍ර වේශපත්‍ර නිකුත් කිරීම සිදු කෙරුණේ නැහැ. මේ දිනවලට යෙදී ඇති නිවාඩු හේතුවෙන් බොහෝ පිරිස් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටි ආකාරය ද දැක ගත හැකි වුණා.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමත් සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් අද දිනයේ ප්‍රවේශ පත්‍ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියා. උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියවලින් වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණියා.

 

The post අදත් කෝච්චියට ටිකට් නෑ – හෙට තීරණයක් වන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG