Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි  

Add comments

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම මාස 6ක කාලයක් අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීම සඳහා මෙම තීරණයට එළැබි බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලට වාහන ගෙන්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බවත් රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත්‍ර මත වාහන ආනයනය කිරීම ද ඒ අනුව මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. එම කාල සීමාවේදී ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. එය මීට පෙර පැවතියේ 70%ක් ලෙසයි.

මේ අතර ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු බවද නිවේදනයේ දක්වා තිබෙනවා.රජය අඛණ්ඩව විනිමය අනුපාතයන් වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG