Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න”  

Add comments

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා.

ලෝක ළමා දින ජාතික උත්සවය අද (01) කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශලාවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න’ තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවය කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ උපදේශකත්වය යටතේ එම අමාත්‍යාංශය මගින් සංවිධාන කරයි.

මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම ද ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.” දිරියෙන් පෙරමුණට යන්න , ළමා කැලට සවිය දෙන්න” තේමාව යටතේ මෙවර ලෝක ළමාදිනය සැමරෙනවා. අදට යෙදෙන ලෝක ළමාදිනයේදී සියලු දරුවන් වෙත සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම වෙනුවෙන් තමාගේ ඉහළම කැපවීම නැවතත් ප්‍රකාශ කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ. අධ්‍යාපනයේ තරගය සහ සමාජයේ සිදුව ඇති වේගවත් පරිවර්තනය සමඟ දරුවන්ගෙන් උදුරාගෙන ඇති නිදහස හා විචිත්‍රවත් බව යළි ඔවුන් වෙත දිනාදිය හැකි මග සෙවීම වැඩිහිටි කාගේත් වගකීම බව ද එම පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ වැඩිහියන් දරුවන්ට මග පෙන්විය යුතු බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG