Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට  

Add comments

ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණහා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් Mr. Eric Hargen මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති සමුළුවක දී මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා. එක්සක් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සැසිවාරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වූණේ ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුවය.

මෙම සමුළුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ දර්ශක ඇමෙරිකානු සෞඛ්‍යදර්ශක හා සමාන වෙනවා. ආර්ථීක ගැටළු ප්‍රශ්ණයක් නොවෙයි. තීන්දු අරගෙන ක්‍රියාත්මක කිරිම වැදගත්.” බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දකුණූ සහඅග්නිදිග ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය දර්ශක වලින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටින බව තමන්ට දැනගන්නට ලැබුණු බව ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යාතාක්ෂණය ලංකාවට ලබාදීමට සුදානම් බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබේ. ඉදිරි කාලයේ දීශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීම ඇමෙරිකාවේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා බාරගෙන ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක ආචාර්ය එස්. සුබසිංහ මයා,විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මයා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂආචාර්ය. එච්.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG