Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්  

Add comments

ඩ්‍රෝන යානා හා මිසයිල 200කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් ඉරානය ඊශ්‍රායලයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

කෙසේ වුවද ප්‍රහාරයන්ගෙන් එක් පුද්ගලයෙකු පමණක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර මාලාව සාර්ථකව මැඩපැවැත්වීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.

ඒ සඳහා ඇමෙරිකාවේ පූර්ණ සහාය හිමිවූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර 200කට ආසන්න සංඛ්‍යාවක් එල්ලවුවද ඉන් කීපයක් පමණක් තම භූමියට පතිත වූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් පවසනවා.

ප්‍රහාර මාලාව දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලය පුරා සයිරන් හඩ රැවුපිළිරැවු දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එමෙන්ම ජෙරුසෙලම ප්‍රදේශයෙන් දැවැන්ත පිපිරුම් ශබ්ද ඇසුනු බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් පළමුවනදා සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉහළ පෙළේ ඉරාන ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊට ප්‍රතිචාරයක් ලෙසයි ඉරානය මෙම ප්‍රහාරය දියත් කළේ.

ඉරාන ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමට තම පූර්ණ සහාය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක කණ්ඩායමේ විශේෂ හමුවක් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කරන්නේ ජෝ බයිඩන් යටතේ ඇමෙරිකාව කෙතරම් දුර්වල මට්ටමකට ඇදවැටී ඇතිද යන්න ඒ හරහා පිළිබිඹු වන බවයි.

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ද අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

ප්‍රහාරයට සතුට පළකරමින් ඉරාන ජනතාව ටෙහෙරාන් අගනුවරට රැස්ව සිටින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඊශ්‍රායල රජයට විරෝධය දක්වමින් ටෙල් අවිව් අගනුවර විරෝධතා සංවිධානකර තිබුණා.

ඊශ්‍රායල රජය විසුරුවාහැර ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි විරෝධතාකරුවන් කියාසිටින්නේ.

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.

The post ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG