Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩ්න් හට  

Add comments

ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයද ජෝ බයිඩ්න් හට හිමිව තිබෙනවා. වැඩි ඡන්ද විසිදහසකින් පමණ ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විස්කොන්සින් ප්‍රාන්තයේ ප්‍රකාශිත ඡන්ද දෙවන වර ගණන් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ. එම ප්‍රාන්තයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ලක්ෂ අට ඉක්මවා තිබූ බව මැතිවරණ කාර්යාලය නිවේදනය කරනවා. කෙසේ වුවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවති මැතිවරණය දූෂිත බවයි දිගින් දිගටම චෝදනා කරන්නේ. ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් මිචිගන්, ජෝර්ජියා, ඇරිසෝනා හා නෙවාඩා ඇතුළු ප්‍රාන්ත රැසක ජනාධිපතිවරයා ගෙනු කර තිබු පෙත්සම් විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කෙරුනා. මේ අතර තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාදයේ අස්ථි පිපුරුමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඔහුගේ සුරතලෙක් සමග කාලය ගත කරමින් සිටියදී සිදු වූ අනතුරක් මෙයට හේතු වී තිබෙනවා.

 

 

 

 

The post විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩ්න් හට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG