Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්නාහිරින් පිට හුදෙකලා නැති තැන්වල පාසල් කටයුතු සාමාන්‍ය වෙද්දී හුදෙකලා තැන්වලින් කිසිම කරුණකට පිටනොවන්නැයි දැඩි අවවාද  

Add comments

දිවයිනේ බොහෝ පාසල්වල තුන්වන වාරය සදහා අධ්‍යයන කටයුතු මේ වනවිට‌ සාර්ථක ලෙසින් සිදු වෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර හුදෙකලා කර ඇති ප්‍ර දේශවල නිරෝධායන නීති නිසි පරිදි ක්‍රියාත්මක වීම පිළිබදව ද පොලිසිය විශේෂ අවදානය යොමු කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතෙක් වසා තිබූ සියලු පාසල් අද විවෘත කෙරුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් එම පාසල් විෂබීජහරණයට ලක්කර නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව අධ්‍යන කටයුතු ආරම්භ කිරීමටයි කටයුතු කෙරුණේ.

හැටන් ප්‍ර දේශයේ ප්‍රධාන පාස්ලවල අධ්‍යයන කටයුතු ද සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. 6 ශ්‍රේණියේ 13 වන ශ්‍රේණිය දක්වා පංති සාමාන්‍ය  පරිදි පැවැත්වෙන බවයි විදුහල්පතිවරුන් සදහන් කළේ. පාසල්වලට පැමිණෙන ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ විදුහල්පති වසන්ත කවිරාජ මහතා සදහන් කළා.

දෙවැනි පාසල් වාරය සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ පාස්ලවල දරු දැරියන්ගේ පැමිණීම ද සතුටුදායක තත්ත්වයක පවතින බව අප වාර්තා කරුවන් සදහන් කළා. නගරබද පාසල්වල දරුවන්ගේ පැමිණීම තරමක අඩුවක් දැක ගැනීමට ලැබුණ ද ගම්බද පාසල්වල හොද පැමිණීමක් දැක ගැනීමට ලැබුණු බවයි විදුහල්පතිවරුන් පවසන්නේ.

මේ අතර  මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන,  ග්‍රෑන්ඩ්පාස්,  ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය,  කෙසෙල් වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ හා මරදාන පොලිස් වසම්වල හුදෙකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී පොලිස් වසම ද තවදුරටත් හුදෙකලා කර තැබීමටයි තීරණය කර ඇත්තේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ සහ කැලණිය ප්‍ර දේශ ද තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතිනවා. මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ පර්ගියුසන් පාරේ දකුණු ප්‍ර දේශය අලුතින් හුදෙකලා ප්‍ර දේශ ලෙස නම් කර තිබෙනවා.

වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ නිවාස යෝජනා ක්‍රමය සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා ප්‍ර දේශ බවට පත්වුණා. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි හුදෙකලා කර ඇති ප්‍ර දේශ නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදෙකලා ප්‍ර දේශ වශයෙන් පවතින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙම හුදෙකලා ප්‍රදේශවල නිරෝධායන නීති අනුගමනය කිරීම අනිවාර්ය වන අතර එම ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර තිබෙනවා. රැකියා ස්ථානවල හැදුනුම්පත් භාවිත කරමින් හෝ එම ප්‍රදේශවල ගමන් කිරීමට නොහැකි වනවා.

පිටකොටුව මැනිං වෙළදපොළ සහ හතරවන සහ පස්වන හරස්වීදිවල වෙළදාම් කටයුතු නැවත දැනුම් දෙනතුරු ආරම්භ කිරීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සමාජ ජාලා ඔස්සේ වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

කොළොන්නාව සාල මුල්ල ලක් සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ මේ වනවිට හුදෙකලා කර තිබෙන අතර ඉසුරුගාඩ්න් බදුවත්ත පාර රණවිරු සුසන්ත ලාල් ප්‍ර දේශය හුදෙකලා කර තිබෙන ආකාරය දැක ගැනීමට ලැබුණා.

 

 

The post බස්නාහිරින් පිට හුදෙකලා නැති තැන්වල පාසල් කටයුතු සාමාන්‍ය වෙද්දී හුදෙකලා තැන්වලින් කිසිම කරුණකට පිටනොවන්නැයි දැඩි අවවාද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG