Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ ගම්මානයක සිදු වූ සමූල ඝාතනයකින් 110 කට වැඩි පිරිසක් මිය යයි  

Add comments

ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයක සිදු වූ සමූල ඝාතනයකින් පුද්ගලයින් 110 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

ගොවියන් ඉලක්ක කරගනිමිනුයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. එම ස්ථානයේදීම පුද්ගලයන් හතළිස් තුන් දෙනෙකු මියගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු තවත් හැත්තෑ දෙනෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. බෝනෝ ප්‍රාන්තයේ සිවිල් ගැටුම් අධිකම ප්‍රදේශයකයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. මෙහි වගකීම මේ වනතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ. කෙසේ වුවද අයි එස් ත්‍රස්ත සංවිධානයට අයත් බොකෝහරාම් සංවිධානය මෙය සිදුකරන්නට ඇති බවයි බලධාරීන් සැක පළ කරන්නේ. පසුගිය දශකයක කාලය තුළ නයිජීරියා, නයිගර්,චැඩ් හා කැමරුන් වැනි රටවල ත්‍රස්ත සංවිධාන සිදු කළ ප්‍රහාරයන්ගෙන්  තිස් දහසක් පමණ පිරිසක් මියගොස් තවත් මිලියන දෙකකට අධික පිරිසක් අවතැන්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ.

 

 

The post නයිජීරියාවේ ගම්මානයක සිදු වූ සමූල ඝාතනයකින් 110 කට වැඩි පිරිසක් මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG