Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිඩ්නි නුවර දහදියෙන් නැහැවෙයි  

Add comments

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවරින් නොවැම්බර් මස රාත්‍රී කාලයක දී වාර්තා වු වැඩිම උෂ්ණත්වය ඊයේ දිනයේදී සටහන්ව ඇති බව එරට කාලගුණික අංශ නිවේදනය කරනවා.

ඊයේ රාත්‍රී කාලයේදී සිඩ්නි අගනුවරින් වාර්තා වූ  උෂ්ණත්වය සෙල්ශියස් අංශක විසි පහයි දශම හතරක් වන අතර ඊයේ දහවල් කාලයේදී එය සෙල්ශියස් අංශක හතලිහක් ලෙසයි දැක්වුණේ. වසන්ත ඍතුව එළඹිමට තවත් දින කිහිපයක කාලයක් තිබියදීයි මෙලෙස උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ. දින හයක් පුරා මෙම උණුසුම් වායු තරංග පැවතිය හැකි අතර එළඹෙන අගහරුවාදා දින එහි උපරිමයට ලගා විය හැකි බව කාලගුණික අංශ අනතුරු අගවනවා. ක්වින්ස්ලන්ඩ්, වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් යන ප්‍රාන්තවලින් වාර්තා වන උෂ්ණත්වය සෙල්සියස් අංශක හතලිස් හත ඉක්මවා ගියා. බොහෝ පිරිසක් කොරෝනා වයිරස ව්‍යාප්තිය ද නොතකමින් මුහුදු වෙරළ කරා ඇදී යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි  වාර්තා වන්නේ. ගිනි තැබීම් සම්පූර්ණයෙන් ම තහනම් කර ඇති අතර සති හයක කාලයක පටන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයකට පත්ව ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා. පසුගිය වසරේ අග භාගයේදී හා මෙම වසර මුල් කාර්තුවේදී ඇති  වූ ලැව්ගිනි හේතුවෙන් නිවාස තුන් දහසක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ වූ අතර පුද්ගලයින් තිස් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

The post සිඩ්නි නුවර දහදියෙන් නැහැවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG