Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමර්සන් වනාන්තරයේ වන විනාශය උග්‍ර වෙයි  

Add comments

වසර 12කට පසු බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ සිදුවන වන විනාශය උග්‍රම තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

2008 වසරෙන් පසු වැඩිම වන සංහාරයක් සිදුව ඇත්තේ 2019 වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ ජුලි මාසය දක්වායි. ඒ ජනාධිපති ජේර් බොල්සනාරෝගේ පාලන කාලය තුළ බවයි පරිසරවේදීන් සදහන් කරන්නේ. එම කාලය තුළ වර්ග කිලෝමීටර් එකොළොස්දහසකට අධික වන ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව එය සියයට නවයයි දශම පහක ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට ඇමසන් වනාන්තරයෙන් ලැබෙන දායකත්වය මේ සමගම අවම තත්ත්වයට පත්වෙමින් පවතින බවට පරිසරවේදීන් චෝදනා කරනවා. සත්ව හා ශාක ප්‍රභේද මිලියන තුනකට හා ආදිවාසීන් මිලියනයකට පමණ නිජබිම වී ඇත්තේ ඇමසන් වනාන්තරයයි. වන විනාශය වැඩි වීමත් සමගම එම සත්ව හා ශාක ප්‍රජාව දැඩි අර්බුධයකට මුහුණ දී සිටිනවා. බ්‍රසීල ජනාධිපති ජේර් බෝල්සනාරෝ ඇමසන් වනාන්තරය තුළ කෘෂි වගා හා පතල් කර්මාන්තය සිදුකිරීමට අවසර ලබා දීම වන විනාශයට මූලික හේතුව ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

The post ඇමර්සන් වනාන්තරයේ වන විනාශය උග්‍ර වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG