Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොළොන්නරුවේ කුඹුරු හෙක්ටාර 68000 කට පොහොර නිකුත් කෙරේ  

Add comments

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටාර හැටඅටදහසක මහ කන්නයේ වගා කටයුතු සදහා පොහොර නිකුත් කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසනවා.

කුඹුරු හෙක්ටාර හැටඅටදහස් අටසිය හැත්තෑවක් වගා කිරීම සදහා පොහොර මෙට්‍රික්ටොන් දහනව දහසක් අවශ්‍ය වනවා. ඉන් සියයට 90 ක ප්‍රමාණයක් රජය මගින් නොමිලේ ගොවි ජනතාවට ලබා දී ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු සියල්ලම පාහේ මෙම කන්නයේ වගාකර ඇති අතර අස්වැන්න මෙට්‍රික්ටොන් තුන් ලක්‍ෂ හතළිස් දහසක් අපේක්‍ෂා කරනවා. මෙලෙස ගැටලුවකින් තොරව තම වගා කටයුතු සිදු කිරීමට රජය ලබා දුන් සහායට ගොවි ජනතාව තම කෘතවේදීත්වය පළ කරනවා.

 

 

 

The post පොළොන්නරුවේ කුඹුරු හෙක්ටාර 68000 කට පොහොර නිකුත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG