Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැටන් අළුත්ගම ඩන්බාර් මාවත කාපට් කිරීම ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි  

Add comments

දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට ග්‍රාමීය මාර්ග විශාල සංඛ්‍යාවක් සංවර්ධනය කිරීම සිදුවනවා.

පස්යාල රදාවඩුන්න කම්මල්පිටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ දෙසීය හතලිහක්.  කිලෝ මීටර් එක හමාරක දුර ප්‍රමාණයක් මේ යටතේ සංවර්ධනය කෙරෙනවා.

කලවාන බෝපිටිය මුදලිකන්ද හරහා කිරල්දෙණිය මාර්ගයේ සංවර්ධන කටයුතු ද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහාතගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන හතලිස් හයක්. කිලෝ මීටර් තුනක දුර ප්‍රමාණයක් මේ යටතේ සංවර්ධනය කෙරෙනවා.

ඌව පරණගම උලුගල හාගිලිඇල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ද ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස සහ  ඌව පරණගම ප්‍රා දේශීය සභාවේ සභාපති සමින්ද සුදර්ශන යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන පනහක් ව්‍යාපෘතිය සදහා වැය කෙරෙනවා.

කලාවැව පලුගස්වැව හංදියේ සිට ඊච්චන්කුලම් හරහා කලාවැව මුස්ලිම් ගම්මානය දක්වා වූ මාර්ගය සංවර්ධනය කිරීම අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහාතගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රුපියල් මිලියන තිස් හයක වියදමෙන් මාර්ගය සංවර්ධනය කෙරෙනවා.

ගාල්ල බද්දේගම මාර්ගයේ කිලෝ මීටර් දොලහක් සංවර්ධනය කිරීම මේ වනවිට සිදු කෙරෙනවා. එහි පළමු අදියර යටතේ සරෙත්තු කඩේ හංදියේ සිට බෙලිගහ දක්වා කොටස මංතීරු හතරකට පුළුල් කර කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන දෙසීය පහනක්. මාර්ගය දෙපස දේපොළ සදහා වන්දි ගෙවීම ද සිදු කෙරෙනවා.

හලාවත පම්බල ප්‍රදේශයේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට පිවිසෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹුනා. ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

හැටන් අළුත්ගම ඩන්බාර් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන දොළහක්. මීට‌ සමගාමී ලෙස රුක් රෝපණ වැඩසටහනක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

 

The post හැටන් අළුත්ගම ඩන්බාර් මාවත කාපට් කිරීම ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG