Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන Covid ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යයි  

Add comments

අඛණ්ඩව 27 වන දිනටත් ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ගතවූ පැය 24ට එරටින් හමුවී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හැට දෙදහසකට ආසන්නයි. ඇමෙරිකාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි තිස්නව ලක්ෂය ඉක්මවා ඇති අතර එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑපන්දහසකට ආසන්නයි. ගතවූ පැය 24ට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් තිස් එක් දහස් එකසිය හැත්තෑ නව දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ සමගම එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ අනූපහකට ආසන්න වනවා. ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් හත්දහස් හයසිය පනස් නවයක් බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. රටවල් 218 කින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය කෝටි  තිස් පන් ලක්ෂය ඉක්මවා ඇති අතර / කොරෝනා මරණ සංඛ්‍යාව දාහතර ලක්ෂ හැත්තෑ තුන් දහස් හත්සිය හතලිස් හයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

The post ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන Covid ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG