Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිය මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ  

Add comments

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහි නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බව සඳහන් කරමින් විත්තිය මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරුණා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම විරෝධතා ප්‍රතික්ෂේප කළේ. ගාලුවරාය ආසන්න මුහුදේ පාවෙන  අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ලවී ඇත්තේ. නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 2 වනදා ආරම්භ කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා. කෙසේ වෙතත් නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සදහා ජූලි මස 30 වනදා එය යළි කැදවන ලෙස ද නියම කෙරුණා.

මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වන රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාට එරෙහිව විත්තිකරුවෙකු වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා සදහන් කළා. එම සාක්ෂිකරු දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ වග උත්තරකරුවෙකු ලෙස නම්කර ඇති බවද ඔහු පැවසුවා.

මෙම ත්ත්ත්වය නඩුවේ ඉදිරි කටයුතුවලට බලපෑම් සිදුවිය හැකි ආකාරය පිළිබදව පැමිණිල්ල සාකච්ඡා කරමින් සිටින බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා තවදුරටත් සදහන් කළේ.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ධම්මික ගනේපොල මහතා කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන කටයුතු තම අධිකරණයට කිසිසේත්ම ආදාල නොවන බවයි.

 

The post ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිය මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG