Jun
29
උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ මුණ ගැසුණා.
කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව උතුරු පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉන්දියාවේ සිට අනවසරයෙන් බෝට්ටු මගින් පුද්ගලයන් පැමිණීම වැළැක්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. උතුරු පළාතේ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
The post අගමැති උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමු වෙයි appeared first on ITN News.
Post a Comment